මහජන පාර්ලිමේන්තුව වැඩසටහන තුළ ක්‍රියාත්මක වන ‘‘ජනතාවගේ ආර්ථිකයක්‘‘, ‘‘ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයක්‘‘ සහ ‘‘ජනවාර්ගික සාමය සහ යුක්තිය තහවුරු කරන බහුත්වාවදී සමාජයක්‘‘ නමැති මූලික තේමා තුන ඔස්සේ කොටගෙන ඒ ඔස්සේ මහජන පාර්ලිමේන්තුව වැඩසටහන තුළ ඉදිරිපත් කරන ලද විවිධ අදහස්, යෝජනා මෙන්ම ඔවුන්ගේ අභිලාශ පදනම් කොට ගනිමින් පර්යේෂණ පත්‍රිකා තුනක් ලියන ලදී. එහිදී, ‘‘ප්‍රජාතන්ත්‍රවාදය නව ආකාරයකින් පරිකල්පනය කළ හැක්කේ කේසේද?‘‘ යන මූලික පර්යේෂණාත්මක ගැටළුව පදනම් කරගනිමින් ප්‍රධාන පර්යේෂණ පත්‍රිකාවක් ලිවීම අරමුණු කොටගෙන ජනතාව ආර්ථිකමය ලෙස, සමාජයීය ලෙස, සංස්කෘතිමය ලෙස මුහුණ දී සිටින ගැටළු මෙන්ම ජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස්, යෝජනා මහජන පාර්ලිමේන්තුවෙහි මූලික තේමා තුන යටතේ වර්ගීකරණය කොට, සංක්ෂිප්ත කරන ලදී.

පසුව එම ගැටළු වලට අදාල පදනම් හේතු හදුනාගනිමින් ඒවා ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට සම්බන්ධ වන්නේ කවරාකාරයෙන් ද, ඒ ඇසුරින් ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදය නව ආකාරයකින් පරිකල්පනය කරන්නේ කෙසේද යන්න පිළිබදව ප්‍රස්තාරගත කරන ලදී.

මෙම පර්යේෂණය සමග සම්බන්ධ කරමින් ජනතාව සමග සම්මුඛ වී ඉදිරියේදී ‘‘ජනතාව ප්‍රමුඛ කොටගත් නව ක්‍රියාකාරී සැලැස්මක්‘‘ ද ගොඩනැගීමට අපේක්ෂිතය. එසේම, ඉදිරියේදී වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ‘‘නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය‘‘ උදෙසා ජනතා අදහස්/යෝජනා ඇතුළත් ලියවිල්ලක් මෙම ක්‍රියාකාරී වැඩපිළිවෙල ඔස්සේ ද රචනා කිරීමට අපේක්ෂිතය.

By ppsl26

Leave a Reply

Your email address will not be published. Required fields are marked *